Saturday, August 24, 2013

ලංකාවේ දේශපාළන ඉතිහාසය I

මනුස්සය කියන්නෙ දේශපාලන සත්වයෙක්ග ඇරිස්ටොට්ල් කිය විදිහට ධනයට, විරුද්ධ ලිංගිකයන්ට සහ බලයට(දේශපාලනයට) ආසාවක් නැත්තම් ඒ පුද්ගලය මනුස්සයෙක් වෙන්න බැහැ.අපි කොහාම කිව්වත් "මම දෙශපාලනයට ආස නෑ","මම ඔය කිසිම පක්ෂයකට කැමති නෑ" කියල තමන් ඉන්න දේශපාලන මතයට විරුද්ධ මතයක් ආව ගමන් නිකම්ම කට ඇරෙනව. අනික රටක ජීවත් වෙන කෙනෙක්ගෙ වගකීමක් තියෙනව රටේ දේශපාළනයට යම් මට්ටමකින් දායක වෙන්න.

ලංකාවෙ දේශපාලන ඉතිහාය ගැන කතා කරනකොට ඇත්තටම ලංකාවෙ දේශපාලනය පටන්ගන්නෙ මීට අවුරුදු 7500කට හෝ ඊටත් පෙර ඉදන් කියල කියන්න පුළුවන්.නමුත් අද මම කතාකරන්න යන්නෙ අපිට නිදහස ලැබුනට පස්සෙ දේශපාලන ඉතිහාසය ගැන.

ලංකාවෙ සම්පූර්ණ පාළනය 1815 මාර්තු 2වෙනිද ඉං‍‍‍ග්‍රිසි පාලනයට යටත් වීමත් එක්කම ලංකාවෙ ජනතාවට සහ ප්‍රභූන්ට ඉං‍‍‍ග්‍රිසින් එපාවීමත් ආරම්භ වුනා.මේ නිසාම 1818 සහ 1848 නිදහස වෙනුවෙන් වූ අරගල ඇති වෙනව. මේ අරගල ඉං‍‍‍ග්‍රිසින් විසින් අමානුෂික විදිහට මර්ධනය කිරීමත් එක්කම ලංකාවෙ අය නිදහස පිළිබදව තිබුණ හැගීම පැත්තකින් තියල තමන්ට බලය ලබාගැනීම විතරක් අරමුණු කරගෙන අරගල කරන්න පටන්ගත්ත. හැබැයි මේ අය කලින් අය වගේ සටන් කරල අරගල කලේ නෑ.මේ අය විවිධ නම් වලින් තමන්ගෙ අරගල කරනව. මේ අරගල වලට සිංහල, දෙමළ, මුස්ලිම් ජනවර්ගවල බලයට කැමති මධ්‍යම පාන්තික ජනතාව එකතු වුණාට 1915 සිංහල මුස්ලිම් කෝලාහලයත් එක්කම මුස්ලිම් කොටස් බලය සදහා වුන අරගලයෙන් ඉවත්වෙනව.

2 comments:

  1. සුභ අනාගතයක් කිව්වා ඔබතුමාටත් එහෙනම්! ජය වේවා! දිගටම ලියන්න!

    ReplyDelete